ජාතියක ජීවනාලිය ඇයයි..👩‍💼👩‍🔬👩‍🚒👮️

 ජාත්‍යන්තර කාන්තා දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඒ ගැන කල්පනා කරල බලද්දී මම එක දෙයක් ගැන හිතුවා.                                                                  කාන්තාව කවුද?  


                                                   සෑම වසරකම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. 2021 ජාත්‍යන්තර කාන්තා දින තේමාව " නායකත්වයේ කාන්තාවන් : කොවිඩ් 19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව " රටකි - දැයකි - ලොවකි " යන්නයි. 1908 වර්ෂයේදී මෙහි මූලාරම්භය බිහිවිය. ජාත්‍යන්තර කාන්තා දිනයක් ආරම්භ කිරීමට මුල් වූයේ ක්ලාරා සෙට්කින් නැමති කාන්තාවයි. ඒ අනුව මෙවර සැමරෙන්නේ 110 වන කාන්තා දිනයයි. 

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව කාන්තාවක් යනු වැඩිහිටි ස්ත්‍රියකි. පවුලක් තුල කාන්තාවක් විවිධ පදවි දරයි. කාන්තාවක් පවුල තුල ඉටුකරන මූලික පදව් 4ක් අපට හඳුනා ගත හැකිය.  

  • අම්මා
  • දියණිය 
  •  සහෝදරිය
  • බිරිඳ 
තමන් දරන පදවිය අනුව කාන්තාව තම පවුලේ සාමාජිකයන් සමග විවිධ සම්බන්ධතා පවත්වයි. කාන්තාව සතු අයිතිවාසිකම් අසීමිත නොවේ. පවුල තුල කාන්තාව පවත්වනු ලබන සම්බන්ධතා වලදී පවුලේ අනෙකුන් සාමාජිකයන්ගේ ද අයිතිවාසිකම් කෙරෙහි ඇය සැලකිලිමත් විය යුතුය . එමෙන්ම පවුලේ සාමාජිකයන් විසින් ද කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයෙන් ඒවාට ගරු කල යුතුය. මෙම අන්‍යෝන්‍ය අවබෝධය නොමැති වූ විට මෙම සම්බන්ධතා ක්‍රියාත්මක කිරීමේදි පවුල තුල ගැටුම් ඇතිවීමට හේතු වේ. ඒවා බොහෝ විට අවසාන වන්නේ නොයෙකුත් හිංසාකාරී ක්‍රියා සිදු කර ගැනීමෙනි.

කාන්තාවද මනුෂ්‍යයකු ලෙස සලකා මෙලොව උපත ලබන සෑම මනුෂ්‍යයකුටම මනුෂ්‍යයකු වශයෙන් දැක්විය යුතු ගරුත්වය කාන්තාවකට ද දක්වන්නේ නම් පවුල තුල සහ පවුලෙන් පිටත කාන්තාවගේ තත්ත්වය මීට වඩා උසස් වනු නොඅනුමානය. කාන්තාව සමාජයේ සිටින වෙනත් පුද්ගලයන් සමග ද රාජ්‍යය සහ රාජ්‍ය නොවන ආයතන සමග ද විවිධ සම්බන්ධතා පවත්වයි. කාන්තාව ජීවත්වන සමාජ පරිසරය අනුව ද කාන්තාව හඳුන්වා දිය හැකිය. 

හිංසාවට ලක්වන කාන්තාව පහත දැක්වෙන ආකාරයේ පසුබිමකට අයත්වන කාන්තාවක් විය හැකිය.
  • විවාහක කාන්තාවක්
  • අවිවාහක කාන්තාවක්
  • ශාරිරික / මානසික ආබාධයකින් පෙලෙන ආබාධිත කාන්තාවක්
  • රෝගි කාන්තාවක්
  • නෑදැයෙකු නොමැති අසරණ කාන්තාවක්
  • සරණාගත හෝ අවතැන් වූ කාන්තාවක්
  • මාවත්වාසී කාන්තාවක්
  • අතවරයට ලක් වූ කාන්තාවක්
වර්තමාන කාන්තාවගේ කාර්‍යභාරය පෙරට වඩා පුලුල් වී ඇත . තමන් විසින් ඉටු කල යුතු සම්ප්‍රදායික කාර්‍යභාරයට අමතරව කාන්තාවට නූතනයේ නව කාර්‍යභාරයන් රැසක් ඉටු කිරීමට සිදු වී ඇත. 

කාන්තාවගේ සම්ප්‍රදායික කාර්‍යභාරය 

  • ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතා සොයා බලා ඉටුකිරීම 
  • දරුවන් වැදීම, පෝෂණය කිරිම රැක බලා ගැනීම
  • මුලුතැන්ගෙය ඇතුලු නිවසේ සියලු වැඩ කටයුතු සොයා බලා ඉටු කිරිම

කාන්තාවගේ නූතන කාර්‍යභාරය 
  • පවුලට ආර්ථික දායකත්වයක් ඉටු කිරීමට රැකියාවක/ ආදායම් උපදවන මාර්ගයක නියැලීම
  • සමාජමය වශයෙන් විවිධ තනතුරු සහ වගකීම් දරමින් ඉටු කරන කාර්‍යභාරය 
කාන්තාව කවුද යන්න සැබැවින්ම  හඳුනා ගත යුතුය. ඇයට එක් දිනක් නොව සෑම දිනක්ම එක සේ ලබා දිය යුතුය . ඇය කරන කාර්‍යභාරය වෙනුවෙන්වත් ඇයව රැක ගැනීමට කටයුතු කරන්න.



Comments

Post a Comment

Popular posts from this blog

ජන කවිය

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️