සංචාරයේ ප්‍රවේශයක්.⛷️

 වසරකට ආසන්න කාලයක් නිවසටම කොටු වී ඒකාකාරි ජීවිතයක් ගත කරමින් සිටින මොහොතක මට කොහේ හෝ සංචාරය කරන්නට සිතුණු මොහොතවල් අප්‍රමාණය. ඒ ආසාව සිතුවිල්ලක් කරගෙනම සංස්කෘතික සංචාරය දෙස නෙත් යෙවීමට මම සිතුවෙමි.


තැනින් තැන සංචාරය කිරීමට මිනිසා තුල පවතින කැමැත්ත සහ අවශ්‍යතාව නිසාම විවිධ හේතු ඒ සඳහා බලපාන බව කිව හැකිය . සංස්කෘතික අවශ්‍යතාව එහි එක් පැතිකඩකි. සංස්කෘතික  සංචාරයට මුල් වන්නේ එක් රටක එක් ප්‍රදේශයක ජන කොටසකගේ ජීවන රටාව, ඉතිහාසය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම හෝ ඔවුන්ගේ ජීවන රටාව ගොඩ නගා තිබෙන වෙනත් සංස්කෘතික දෙයක් විය හැකිය.එය ඒ ජනතාවගේ අනන්‍යතාවයට බලපාන්නක් වීම මෙහිලා වැදගත් වේ. ඒ අනුව එක් ජන කොටසකට ආගන්තුක වූ වෙනත් ජනකොටසකගේ භාවිතයක් හෝ පැවැත්මක් හෝ දැන ගැනීමට විඳ ගැනීමට තිබෙන පුද්ගල අවශ්‍යතා ඔස්සේ සංස්කෘතික සංචාරය සිදු වන බව සඳහන් කළ මනාය. 

බොහෝ විට ලෝකයේ නූතන සංස්කෘතික සංචාරය ආරම්භ වී තිබෙන්නේ නගර මුල් කරගෙනය. ඒ සඳහා නෘත්‍ය කලා, කෞතුකාගාර වැනි ස්ථාන බෙහෙවින් බලපා ඇත. විවිධ සංස්කෘතික උත්සව ද මෙබදු සංචාරක කර්මාන්තයකට පදනම සකස් කොට දී තිබේ. ඒ අනුව ලන්ඩන් ,මැඩ්රිඩ් හෝ පැරිස් වැනි වෙලඳ නගරවල සංචාරය කරමින් අධි පරිභෝජනවාදී සංචාරයන්ට යොමු වනවා වෙනුවට කිසියම් රටක ජාතියක සංස්කෘතික වටිනාකම් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව සහිතව කෙරෙන සංචරණයන්ද ඇත.

සාමාන්‍යයෙන් සංස්කෘතික සංචාරකයා යනු පොදු සංචාරකයාට වඩා වෙනස් සිතුම් පැතුම්වලින් යුක්ත වූවෙකි. එහෙයින්ම වර්තමානයේ විද්වතුන් පිලිගන්නා ආකාරයට සංස්කෘතික සංචාරය නිසා කලාපීය වශයෙන් අන්තර් සංවර්ධනයක්ද සිදු වේ . එමගින් ජාතික සංස්කෘතික ඉතිහාසය හඳුනා ගැනීමට අවකාශ විවෘත වේ . ඕස්ට්‍රේලියා සංචාරක අධිකාරිය සංස්කෘතික සංචාරය යන්න අර්ථකථනය කිරීමේදී ආදී වාසීන් යන්නට වැඩි අවධානයක් යොමු කරයි. එයින් පෙනී යන්නේ සංස්කෘතිය පිළිබඳව රටින් රට පවතින අදහස් සංචාරක කර්මාන්තය කෙරෙහි ද බලපා තිබෙන බවය.   

මෙහිලා වඩා වැදගත් වන්නේ සංස්කෘතික උරුමය පිලිබඳ වටිනාකම ම නොවේ . ඊට වඩා සංස්කෘතික පරිසරයක් ඇති වීම සංස්කෘතික සංචාරය සඳහා තීරණාත්මක සාධකයක් වන්නේය. උදාහරණයක් වශයෙන් ,

මධ්‍යම ආසියාවේ හිමාල සහ හින්දුකුෂ් කඳුවැටිය කාලයක් සංචාරකයන් සඳහා විවෘත නොවූ ප්‍රදේශයක් ව පැවතුණි . ඉන්පසු එය සංචාරකයන් උදෙසා විවෘත කෙරිණ . එලෙස අවසර ලබා දීමෙන් පසු එම ප්‍රදේශයන්හි සිදු වූ සංචාරක කටයුතු ප්‍රවර්ධනය නිසාම සංස්කෘතික සංචාරයට අවශ්‍ය නව පරිසරයක් නිර්මාණය වූ බව දැකිය හැක. 

මෑත අවදියේ සංස්කෘතික සංචාරය සඳහා ජනප්‍රිය වෙමින් පවතින ස්ථාන වශයෙන් කසකස්ථානය,කිර්ගිස්ථානය,මොන්ගෝලියාව වැනි ගමනාන්ත අන්තර්ජාතික සංචාරක ක්ෂ්‍රේත්‍රයේ අවධානයට ලක් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වැනි විශිෂ්ට සංස්කෘතික උරුමයකට හිමිකම් කියන රටක සංචාරය කිරීමේදී දේශීය සංස්කෘතික සංචාරයේ වැදගත්කම මනාව ඉස්මතු කරගත හැකි වේ.



Comments

  1. Valuable. Thank you very much ♥️ ✨

    ReplyDelete
  2. Valuable. Thank you very much ♥️ ✨

    ReplyDelete
  3. This is something that anyone who's interested in Tourism as well as about the world should read. The way how she handles the parlance is excellent. Thanx a million for this valuable blog 😃😌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජන කවිය

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️