ලෝගුවේ සිහිනයෙන් පසු...❤
උපාධි සිහිනයේ සැරිසරමින් සිටින මම තවත් සිතුවිලි අතර සැරිසැරුවේ මේ වසංගත තත්ත්වය හමුවේ අපේ අනාගතය කෙතරම් ආපස්සට ඇදුණේද යන්න සිහිපත් කරමිනි. වසන්ත සමයක මංගල කිංකිණි ඇසෙන මාසයක අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සිරිත් විරිත් කිපයක් දෙස නෙත් යොමා බැලීමට මම සිතුවෙමි. මේ සිතුවිල්ල අකුරු කිරීමට මගේ සූදානම මෙසේය.
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
සිංහල සංස්කෘතිය ගැන කතාබහේ දී සිංහල මංගල චාරිත්‍ර අපට අමතක කරන්නම බැහැ . අපේම වූ අනන්‍ය සංස්කෘතික ලක්ෂණ මෙසේ දිගහරින්න පුලුවන්.
* වරම් ගැනීම
ප්‍රථමයෙන් මංගල පෝරුවට නැගීමට වරම් ගැනීම කරයි. බුද්ධාගමට අනුව නම් ප්‍රථමයෙන්ම නමෝතස්ස පාඨය තෙවරක් කියන අතර ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක්ද කියයි. ඉන්පසු භූම්දේවි නමස්කාරය කියයි. පසුව පෝරුවට නැගීමට අවසර ගැනීමට කවියක් හෝ කවි කීපයක් කියවයි.
* ආශිර්වාද ගායනා
සුබ නැකත උදාවී මගුල් බෙර නාද මද්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නගින විට කෙටි ආශිර්වාද සිලෝවක් ගායනා කරයි.
* සඟල බුලත් හුවමාරුව
මෙහිදී බුලත් අතවල් 7ක් දෙදෙනා අතර හුවමාරු වෙයි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක්ද එක් කරයි . බුලත් අතවල් 7න් කියවෙන්නේ මේ විශේෂ අවස්තාවේදී අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා,කිරිකිත්තා,මී මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. බුලත්වලින් සංස්කෘතිය ද කාසිවලින් ආර්ථිකය ද කියවෙයි.
* තැලිපිළි පැළඳීම
වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.
* මුදු මාරු කිරීම
මුද්ද යනු සදාකාලිකභාවයේ සංකේතයයි. පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධ වේ. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාරවලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි. ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙඳගිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.
* අතපැන් වැඩීම
බිම්බිසාර රජු වේලුවනාරාමය පවරා දුන්නේද දෙවන පෑතිස් රජු මහමෙව්නාව පූජා කලේද වෙස්සන්තර රජු දේපල පවරා දුන්නේද අත්පැන් වැඩීමෙනුයි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේද පැන් වැඩීමෙනි.මෙය පැරැණිම පවරාදීමේ චාරිත්‍රයයි. තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදුකරනුයේ වෛදික දහම් නීතිය අනුවය .
* රසකැවිලි පිරිනැමීම
මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයත් ඉතා වැදගත්. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මහෞෂධ පඬිවරයා මුණගැසීම සිහිකරන්නක්. ආහාර ගෙන පසුව පැන් පානය කරන අතර සහජීවනය එයින් මතු කරවයි.
* ජයමංගල ගාථා ගැයීම
බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා යන පැතුම මෙමගින් ලැබේ. පාරිශුද්ධත්වය සංකේතවත් කරම්න් මේ සඳහා මානවිකාවන් යොදාගනී.
* කිරිකඩ සේලය පිරිනැමීම
බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යනවිට මවගේ කිරිවල ණය ගෙවීමේ කතා වස්තුව උපයෝගී කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරිවල ණය කිසිදා පිරිවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් දෙන පණිවිඩයයි.
* බුලත් දීම
වැඩිහිටියන්ට බුලත් දීම පෝරුවේ චාරිත්‍රවල තවත් වැදගත් අවස්තාවක් .
- මහා මංගල සූත්‍රයේ 3,11,12 මංගල කරුණු
- සප්ත අපරිහාන ධර්මයේ 4 අපරිහාන ධර්මය
- සිඟාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරය
මෙමගින් ඔපවත් කරයි.
* පෝරුවෙන් බැසිම
එකිනෙකාට භාරකරුවන් වෙමින් සුබ දිසාවට මුහුණලා පෝරුවෙන් බසී.පෝරුවෙන් බැසිමට පෙර වරම් ගැනීමේ ආශිර්වාද කවි 8 කියනු ලැබේ.
මෙම සිරිත් විරිත් සංස්කෘතිය තුල අපේකම මැනවින් දක්වන්නේ මහත් අභිමානයකිනි.
Great 👍
ReplyDeleteBest
ReplyDeleteවටිනවා👌👌👌
ReplyDelete👍👍👍
ReplyDeleteGreat ❤️🥂
ReplyDeleteගොඩක් වටිනවා 👍
ReplyDeleteBest
ReplyDeleteNiyamay 🤩
ReplyDeleteGreat 👍
ReplyDelete💜️💜️
ReplyDelete👌👌
ReplyDeleteNiyamai💛
ReplyDeleteSuper 👍
ReplyDelete💜️💜️💜️
ReplyDeleteඇත්තටම වටිනවා. Highly Appreciate ❤️👌🏻😊
ReplyDeleteඇත්තටම වටිනවා. Highly Appreciate ❤️👌🏻😊
ReplyDelete😍😍😍
ReplyDelete👍❤
ReplyDeleteSuper 👍
ReplyDelete❤️❤️
ReplyDeleteනියමයි ❤️
ReplyDeleteBest
ReplyDelete👍 ❤️❤️
ReplyDelete👍
ReplyDelete😘💖
ReplyDelete🤗🤗
ReplyDelete🖤
ReplyDelete❤️
ReplyDelete👍
ReplyDeleteWow🔥
ReplyDelete👍🔥
ReplyDeleteWow❤️❤️❤️
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai 👍👍👍❤️
ReplyDelete❤️❤️
ReplyDelete👍👍👍
ReplyDeleteSuper
ReplyDelete