සයිබර් අවකාශයේ දරුවෙක්.🎗️
ෆේස්බුක් යනු සමාජ සේවා ජාලයක් වන අතර එය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේ දී පෙබරවාරි මාසයේය. ඒ අනුව ලෝකය පුරා අද වන විට ෆේස්බුක් හා ගනුදෙනු කරන සමස්ත පුද්ගල සංඛ්‍යාව මිලියන 800 පමණය. මේ සේවා ජාලය හා සම්බන්ධ වීමට පෙර පෞද්ගලික ගොනුවක් නිර්මාණය කර ගත යුතුය . සෙසු අය හා සම්බන්ධ වීමට ෆේස්බුක් භාවිතා කල හැකි වන්නේ ඉන් පසුවය. එක් එක් පුද්ගලයන් පෞද්ගලිකව ෆේස්බුක් යොදා ගන්නා සේම කණ්ඩායම් වශයෙන් ද සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව මේ අන්තර්ජාතික සන්නිවේදන ජාලය සතුය. සේවා ස්ථාන මට්ටමෙන් ද, විවිධ සංස්කෘතික කණ්ඩායම් වශයෙන් ද, මිතුරු කව වශයෙන් ද, අදහස් හුවමාරු කර ගැනීම, තොරතුරු දැන ගැනීම මෙහි දී සිදු වේ. මාක් සකර්බර්ග් විසින් ඔහුගේ පාසල් සමකාලීනයන් වන එඩුවාඩෝ සෙවරීන්, ඩස්ටින් මොස්කොවිට්ස්, ක්‍රිස් හ්යුග්ස් සමග එක්ව ආරම්භ කරන ලද, මේ ජාලය මුලින් විවෘත කරන ලද්දේ හාවර්ඩ් සරසවි ශිෂ්‍ය ප්‍රජාවට පමණකි. ඉන්පසුව එය පොදු භාවිතයක් බවට පරිවර්තනය කෙරිණ. ඒ තත්ත්වය යටතේ ෆේස්බුක් පරිහරණය කෙතරම් ජනප්‍රිය වී ද යත් 2011 වර්ෂය වන විට වයස අවුරුදු 13ට අඩු සේවා ලාභීහු මිලියන 7.5ක් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටියහ.
Compete.com දක්වන ආකාරයට ෆේස්බුක් ලෝකයේ ජනප්‍රියම සමාජ සේවා ජාලය වන්නේ ෆේස්බුක් සේවයයි. Entertainment weekly සඳහන් කරන්නේ දශකයේ විශිෂ්ටම සමාජ සම්බන්ධතා ජාලය වශයෙනි. 2005 වර්ෂයේ දී ෆේස්බුක් සේවය මගින් උසස් අධ්‍යාපනය ලබන්නන් සඳහා සුවිශේෂී සේවා පද්ධතියක් හඳුන්වා දෙන ලදී. ඒ අවදියේ උසස් අධ්‍යාපනය ලබන්නන් සේවා කැඳවීමකින් පසු ඊට සම්බන්ධ වීමේ අවස්තාව උදා කරගත්හ. ඉන්පසු 2006 සැප්තැම්බර් මාසයෙන් පසු අවුරුදු 13 ට වැඩි අය සඳහා වෙනම ඊ මේල් ලිපිනයක් සහිත ෆේස්බුක් ගිණුමක් පවත්වා ගැනීමේ පහසුකම් ලබා දි තිබිණි.
2010 වන විට ගූගල් භාවිතයට වඩා ෆේස්බුක් භාවිතය ඉහළ ගියේය. එසේම ඡායාරූප අන්තර්ගත කිරීමෙන් ද ජනප්‍රියත්වයේ ඉහලම ස්තානයට පත්ව ඇත්තේ ද ෆේස්බුක් සේවයයි. ඒ අනුව බිලියන 50ක පමණ සංඛාවක් නිරන්තරයෙන් මෙම සේවය හා එක් වේ. ෆේස්බුක් යනු විශාල ආදායමක් උපයන ව්‍යාපාරයක් වන අතර දෛනික වෙළඳ දැන්වීම් සපයා ගැනීමෙන් සමාගම මෙම ආදායම් උපයා ගනී.
මේ වන විට ෆේස්බුක් භාවිතය පිළිබඳ ව විවිධ විවේචන ඉදිරිපත් වෙමින් තිබෙන අතර ඇතැම් රටවල් නීත්‍යානුකූල පියවර ගැනීම් දක්වා රාජ්‍ය මැදිහත් වීම් සිදු කර තිබේ. ඒ අතුරෙන් චීනය, වියට්නාම, ඉරානය, උස්බෙකිස්තානය, පකිස්තානය, සිරියාව සහ බංග්ලාදේශය ඉදිරියෙන්ම සිටී. විශේෂයෙන් ම සදාචාරාත්මක චෝදනා මෙහිදී වැඩි වශයෙන් එල්ල වී තිබේ. ඒ අනුව භාවිතා කරන්නන්ගේ ආකල්ප ඔස්සේ ෆේස්බුක් සේවය යහපත් මෙන්ම අයහපත් අරමුණු සඳහා ද යොදා ගැනෙන බව දැක්විය හැකිය. සමාජ මාද්‍ය භාවිතා කරන ඔබ ඔබගේ සැලකිලිමත්භාවය ගැන තව දුරටත් සිතන්න..💛
😍😍
ReplyDelete👍👍👍
ReplyDeleteGd job👌👌
ReplyDeleteSuper 👍
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete😍❤
ReplyDeleteGreat
ReplyDelete💖💖
ReplyDeletegood
ReplyDeleteSuper
ReplyDelete