ජන කවිය
සිතුවිලි අතර අතරමං වෙලා ඉන්න මොහොතක එක් දෙයක් ගැන නිශ්චිත කල්පනාවකට වැටුණා. අදටත් දෙසවනට රසවින්දනයක් දෙන ජනකවිය මගේ කල්පනාවේ මූලබීජය.
සාහිත්‍යාංගයක් වශයෙන් ජනකවිවල සාහිත්‍යමය පසුබිම ගවේෂණය කිරීමට පෙර එහි මූලාශ්‍රය වන ජනශ්රැති නම් වූ සංකල්පය පිළිබඳ ව විමසා බැලීම යෝග්‍ය ය. ජනකවි සාහිත්‍යයෙහි අගය වටහා ගත හැක්කේ එමගිනි.
මිනිසා තම අදහස් ප්‍රථමයෙන් ම හුවමාරු කර කර ගත්තේ දීර්ඝ කාලීන ක්‍රම විකාශයකින් පසුව ය.ජන විඥානය පෝෂණය වූයේ ද ජන වහරිනි. මිනිසාගේ සිරිත් විරිත්, ගති පැවතුම්,කලා ශිල්ප, සාරධර්ම ආදී ජනාංගද ජනවහරින් පෝෂණය විය. මේ දැනුම් සම්භාරය ඉදිරි පරම්පරාවට ගෙන යෑමේ ප්‍රවාහකයා වූයේ ජනශ්රැතයයි.
ජනශ්රැති යන්නට විවිධ අය විවිධ නිර්වචන සපයා ඇත.බ්‍රිතාන්‍ය ජාතික විලියම් තෝමස්ගේ නිර්වචනය මෙහිදී විමසා බැලීම වටී.මිනිසුන්ගේ ගති පැවතුම්,සිරිත් විරිත්,චර්යා ධර්ම,විශ්වාස,කවි කතා,ප්‍රස්ථාව පිරුලු ආදිය ජනශ්රැති වශයෙන් ඔහු හැඳින්විය. ඒ සඳහා යෝග්‍ය වචනය FOLKLORE යැයි ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලාංකික ජනශ්රැති විශේෂඥයකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ ජනශ්රැතිය යනු " ඓතිහාසික පර්යේෂණයට ලක් වූ කාලයට පෙර සිටම පොතපතින් නොව මුඛ පරම්පරාවෙන් එනම් මනුෂ්‍ය චර්යාවෙන් එනම් පුරාණෝක්ති, සුරංගනා කතා,කවි කතා,කෙළි සෙල්ලම්,සමාජ සංවිධානයන් විශේෂයෙන් ගෝත්‍රික සමාජ සංස්ථාවන් මගින් පැවත එන පරිපූර්ණ අඛණ්ඩ සංස්කෘතිකාංග සම්භාරය බවය"
කෙසේ වෙතත් ජනශ්රැතිය අතීත ශ්රැතියක් නොවේ. අතීතයට සීමා නොවේ. එදිනෙදා කට වචනයෙන් තම අදහස් හුවමාරු කර ගන්නා තාක් කල් නිරන්තරයෙන්ම ජනශ්රැති බිහි වෙමින් පවතී. උපමා,තේරවිලි,කවි, ගී, කතා ආදී වශයෙන් නිරන්තරයෙන් උපත ලබයි.
මේ අනුව ජනතාවගේ එදිනෙදා ජීවන රටාවත් සමඟ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සිනහවත් භීතිය මෙන්ම එඩියත්, රෞද්‍ර බව මෙන්ම අහිංසක බවත් නිරූපණය වන එම ජන කොට්ඨාසයටම අයත් සිරිත් විරිත් හා විශ්වාසයන්ගෙන් පෝෂිත වූ නිර්මාණ විවිධ ආකෘතීන් මගින් ජනශ්‍රැතියට ඇතුළත් වෙයි. එනම් ජනකතා, ජනකවි, ජනගී, ජනප්‍රවාද, ප්‍රස්ථාව පිරුලු, තේරවිලි මේ සඳහා උදාහරණ වේ. බෞද්ධ සාරධර්ම, සංස්කෘතිය හා සබැඳුණු ජනශ්රැතියක් අප සතුව ඇත. එය අපගේ පාරම්පරික උරුමයකි. ජනකවි, ජනකතා,ජනවිශ්වාස, පුරාණෝක්ති, ජනප්‍රවාද හා අභිචාර විධි ඒ අතර වෙයි.මෙයින් ඉතා වැදගත් අංගයකි ජනකවි. එසේම ජනකවි අපේ සංස්කෘතියේ කැටපතක් බඳු යැයි කිවහොත් එය නිවැරදිය.
මේ අනුව සීමා වැට කඩුලු නැති සුන්දර ආකෘති යොදා ගනිමින් සීමා සහිත ජන කොටසකගේ සජීවි පැවැත්ම විග්රහ කෙරෙන ජනශ්රැතිකාංගය ජනකවිය නම් විය. ජන කවිය තරම් පොදු ජනතාවගේ හද බැඳගත් අනෙක් ආකෘතියක් නොමැති තරම් ය. සෑම සමාජ ස්තරයක් තුලම ආස්වාදනීය බවක් රැඳී පැවතුනේ ජනකවියේ ගීතවත් බව හා රිද්මය නිසාය.ගැමි සමාජයේ හද ගැහෙනා රාවය ඉතා විශිෂ්ට අන්දමින් පිළිඹිබු කිරීමේ ලා ජනකවිය සතු සක්‍යතාවය ඉතා ඉහළ බව කිව යුතුය. අතීතයේ අප රටේ ජනයා ජීවත් වූ ආකාරය, ජීවන රටා, ඔවුන්ගේ දර්ශනය හා සිතුම් පැතුම් භාෂාව ආදිය ජනකවිවලින් විදහා දැක්වෙයි.
අපේ පැරැන්නන් කෘෂිකාර්මික ජීවිතයක් ගත කළ අව්‍යාජ ගැමියන් පිරිසකි.කය වෙහෙසා වැඩ කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයකට ඔවුහු උරුමකම් කීහ.දිනපතා කුඹුරේ, හේනේ හෝ වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතුවල නිරත වූහ. එමෙන්ම විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ පෑහ. එහෙත් සතුටින් කල් ගෙවූහ. ඔවුහු තම වෙහෙස මහන්සිය, කාන්සිය නිවා ගැනීමටත්, වන සතුන්ගෙන් වන බිය පහකර ගැනීමටත්, පැමිණි දුක්කම්කටොළු මොහොතකට අමතක කර දැමීම සඳහාත් කවි කීහ.පැලේදි පැල් කවි කීහ.කුඹුරේ ගොයම් කවි කීහ.පාරු පදින විට පාරු කවි ද කරත්ත දක්කන විට කරත්ත කවි ද ගායනා කළහ. කෙසේ වුවද ඒවා ව්‍යක්ත ලෙස බැඳුණු ඒවා නොවේ.ඒ ඒ අවස්ථාවට තමාගේ හිතට ආ අදහස් කවියක් ලෙස නිකුත් විය.මේවා ජනකවි බවට පත්වූයේ නිතැතිනි. මේ ගැමියන්ගේ ජීවිත ඉතා සරල විය.
" ජනකවියා කවි සමයෙහි දාසයෙක් නොවීය. ඔහු පණ්ඩිතයකු නොවීම ම ඔහුගේ කවි රසවත් වීමට හේතු විය. පණ්ඩිත කවීන් මෙන් නොව, අත්දැකීම් ඔහුගේ කාව්‍යයට වස්තු විය. ව්‍යාකරණය ඔහුගේ කවියට බාධා නොකලේය. සම්මත කාව්‍යාලංකාර නොදත් ඔහු අතින් අලුත් කාව්‍යාලංකාර ඉබේම බිහි විය. ව්‍යවහාරයෙන් පණ පෙවුණු වචන හා උපමා රූපක යෙදීම නිසා ඔහුගේ කවිය ජීවයෙන් මෙන්ම ප්‍රකාශන ශක්තියෙන් ද නොඅඩු විය. පණ්ඩිත කවීන්ගේ රචනාවල රසය විඳ ගැනීමට සාමාන්‍ය ජනතාව අපොහොසත් විය. ඔවුන්ට කළ හැකි වූයේ ඒ කවීන්ගේ පාණ්ඩිත්‍යය දෙස විස්මිතව බලා සිටීම පමණකි. එහෙත් නූගතුන්ට මෙන්ම උගතුන්ට ද එකසේ රස විඳිය හැකි කාව්‍ය රචනා බිහි කිරීමට ජන කවියා පොහොසත් විය"
( මහගමසේකර - කවිය හා කවියා )
අතීතයේ පටන් වර්තමානය දක්වා ජනකවිය මිනිස් හදවත් තුල ලැගුම් ගනිමින් ආ දුර බොහෝ බව මොනවට පැහැදිලි වේ.
සුපිරි💛
ReplyDelete❤
DeleteEla❤
ReplyDelete❤
Delete🖤🖤🖤
ReplyDelete❤
Delete👍👍
ReplyDelete❤
Delete👌👍
ReplyDelete❤
DeleteEla
ReplyDelete❤
Delete😊👌
ReplyDeleteBest 👍
ReplyDelete😍❤👌
ReplyDeleteGreat 💪❤️
ReplyDelete😍😍
ReplyDeleteGood job 👍
ReplyDeletesuperb❤️
ReplyDelete👌
ReplyDeleteSuperb
ReplyDelete👍
ReplyDelete👍
ReplyDeleteGreat 👍
ReplyDelete✌️🖤
ReplyDelete👍
ReplyDelete👌👌
ReplyDeleteGreat 👍
ReplyDelete👌👌👌👌
ReplyDelete