කැමරාකරුවෙකුගේ ඇසකට_____________02
විශාල සෙන්සර්වලින් ලැබෙන වාසි
ඡායාරූපයක් ගැනීම යනු, ඡායාරූපයට නගන පුද්ගලයාගේ හෝ වස්තුවෙන් කැමරාවට ලැබෙන ආලෝකය ග්‍රහණය කරගෙන එය ඡායාරූපයක් බවට හැරවීමයි. මෙහිදී කුඩා සෙන්සරයකට වඩා විශාල සෙන්සරයකට විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කර ගත හැකිය. එවිට,
1) අධිවිභේදන ඡායාරූප ගත හැකි අතර, ඡායාරූප විශාල කොට මුද්‍රණයේදී කුඩා සෙන්සර් ඇති පොකට් කැමරාවලින් ගන්නා ඡායාරූපවලට වඩා විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප විභේදනයේ අඩුවක් නොමැතිව ඉතා විශාල කොට මුද්‍රණය කල හැකිය.
2) රාත්‍රි කාලයේ හා සැඳෑ කාලයේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට විශාල සෙන්සර්වලට හැකියාව ඇත. ආලෝකය මද වුවත් සෙන්සරය විශාල බැවින් විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඡායාරූප සටහන් කර ගැනීමට හැකිවීම මෙයට හේතුවයි.
කැමරාව හා බැඳි දේවල්
* Iso Speed - සේයා පටලය ආලෝකයට කෙතරම් සංවේදීද කියන දේ මෙයින් පෙන්වා දේ.
* Exposure - ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයාපටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණය
* Aperture - කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුලට යන ප්‍රමාණය පාලනය කරන සිදුර
* Shutter Speed - කැමරාව තුලට ආලෝකය ලබාගැනීමේදී අරින වහන දොර කෙතරම් වෙලා විවෘත කරගෙන ඉන්නවාද යන තීරණය
* Focal Length - කාච පද්ධතියෙම සංයුක්ත නාභියේ දුර
* Zooming - දුරස්ථ දෙයක් ඡායාරූපයට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලංකර ගත හැක. එය එක්තරා ආකාරයක විශාලනයක්.එය zoom ලෙස හඳුන්වයි.
කැමරාවේ විවිධ modes පවතී. ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගත හැකිය .
1) Basic Zone
2) Creative Zone
පෙරහන් ( filters ) භාවිතය_____
ඇනලොග්, ඩිජිටල් වර්ග දෙකටම මෙය භාවිතා කරයි.
* polarizing filters
* ultravioler filters
* neutral density filters
* graduated neutral density filters
* infrared filters
* special effects filters
👌👍
ReplyDeleteWadagath lipiyak💜️💜️
ReplyDelete💛🤘👌
ReplyDelete👌👌
ReplyDeleteWow
ReplyDeleteNiyamai
ReplyDelete❤️
ReplyDeleteWatinawa eeka nm..❤️👌
ReplyDeleteNiyamai
ReplyDelete✌️🖤
ReplyDelete🤟🤘
ReplyDeletegreat ⭐
ReplyDelete