කැමරාකරුවෙකුගේ ඇසකට______01
ඩිජිටල් කැමරාවක ඇති ඉතාම වැදගත් කොටස් දෙක වන්නේ එහි ලෙන්සය හා ලෙන්සයෙහි එන ආලෝකය ඡායාරූපය බවට හරවන සෙන්සරයයි.ක්ෂුද්‍ර පරිපථ (micro-circuit) ලෙස නිර්මාණය වී ඇති සෙන්සර් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් පවතී.
1) 35 MM full frame = 35MM සෙන්සරය ඩිජිටල් කැමරාවලට ඇති විශාලතම සෙන්සර් වර්ගය වේ. පැරණි 35Mm සේයාපටයේ විශාලත්වයට නිර්මාණය කොට ඇති මෙය ඉතා හොඳ තත්ත්වයේ ඡායාරූප ගැනීමට ඉවහල් වේ. මෙවැනි සෙන්සර් අඩංගු කැමරා වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරයි. මෙවැනි කැමරාවල මිල ඉතා අධිකය. එමෙන්ම කැමරාවේ විශාලත්වය වැඩිය. High end DSLR කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත.
35 MM සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් .
* Nikon D4
* Cannon E os 6D
Aps-C සෙන්සරයද නිර්මාණය කොට ඇත්තේ Aps-C වර්ගයේ සේයා පටියක විශාලත්වයට වුවද 35mm සෙන්සර් මෙන් නොව විවිධ නිශ්පාදකයින් සිය සෙන්සර් 23.6*15.7 mm ප්‍රමාණයට හෝ ඊට මදක් කුඩාවන ලෙස නිපදවයි. එම නිශ්පාදකයන්ගේ කැමරාවේ සැලැස්මට හා කාච සැකසුම්වලට සරිලන ලෙස මෙවැනි වෙනස් කිරීම් සිදු කරයි.
35mm සෙන්සරයට සමානුපාතිකව විවිධ Aps-C වර්ගයේ සෙන්සර් ප්‍රමාණයන් 35mm තරම් විශාල නොවූවද ඉතා හොඳ ඡායාරූප ලබාදීමට මෙම සෙන්සර් වර්ගයටද හැකියාවක් ඇත .
Entry level - mid range DSLR වර්ගයේ කැමරා හා සමහර super zoom/ bridge කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත. Aps-C සෙන්සර් අඩංගු කැමරා 35mm DSLR කැමරා තරම් විශාල නොවුවද පොකට් කැමරාවලට වඩා බෙහෙවින් විශාලය.
සෙන්සර් අඩංගු කැමරා කිහිපයක්
* Nikon D3 100
* Cannon E oS 60D
3) Pocket camera sensors = 35mm හා Aps-C සෙන්සර් හා සමකරන විට පොකට් කැමරාවල ඇත්තේ ඉතා කුඩා සෙන්සර්ය. මෙවැනි සෙන්සර්වලින්ද හොඳ ඡායාරූප ගත හැකිවුවත් ආලෝකය මද අවස්තාවලදී ලැබෙන ඡායාරූප දුර්වලය.
💛🤘👌
ReplyDelete💛🤘👌
ReplyDelete👍👍👌
ReplyDeleteNiyamai
ReplyDelete👌👌👌
ReplyDelete👌👍
ReplyDelete👍 📷
ReplyDelete👉👍💜️💜️💜️
ReplyDelete👉👍💜️💜️💜️
ReplyDelete👍👍❤️
ReplyDeleteNiyamay
ReplyDeleteNiyamai...👍
ReplyDeleteEla❤️
ReplyDeletegood..
ReplyDeletePatta❤
ReplyDelete👍👍👍👍👍👍
ReplyDelete