Posts

Showing posts from February, 2021

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️

Image
  අපි මිනිසුන් විදියට නිතරම කතා කරනවා. අපේ ශබ්ද වචන විදියට පරිවර්තනය වෙලා අපිට ඇහෙනවා. ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද ? ඒ සිතුවිල්ල අකුරු කළේ මේ විදියට 💛 මනුෂ්‍යයාගේ භාෂාව නිපදවන ශබ්ද යාන්ත්‍රණයට අවයව සහ චාලක පරිචය හෙවත් අවයව චලනය කිරීමේ හැකියාව දායක වෙයි. භාෂාවකට අයත් ශබ්ද පිට කිරීම සඳහා ප්‍රාචීරය, පෙනහලු, ළයෙහි පේශී, ස්වර තන්ත්‍ර, මුඛය, දිව හා තොල් ආදී අවයව සංකීර්ණ ස්වභාවයකින් සමායෝජනය වෙයි. කතාව වාතය ආශ්‍රයෙන් නිශ්පාදනය වන ආකාරය ඉතා සරලව මෙසේය. පෙනහලුවලට නිරන්තරයෙන් වාතය ඇතුලු වේ. මෙම වාතය පෙනහලුවල සිට ස්වර තන්ත්‍ර සහිත ස්වරාලය ඔස්සේ ඉහලට පැමිණේ. එතැන් සිට මෙම වාත ධාරාව මුඛ කුහරය හා නාස් කුහරය තුල ඇති කරවන ඉඩකඩ ප්‍රමාණය සහ හැඩය පිලිබඳ වෙනස්කම් අනුව විවිධාකාර ස්වර ශබ්ද ජනිත වේ. ව්‍යංජන ශබ්ද නිශ්පාදනය කරනු ලබන්නේ ශබ්ද ආලිය තුලින් ගමන් කරන වාත ධාරාවට තාවකාලිකව බාධා ඇති කරන උච්චාරණ ස්ථාන විසිනි. ඇතැම් ව්‍යංජන ශබ්ද නිපදවීමේ දී වාත ධාරාව මුලුමනින්ම නතර වේ. P ශබ්දය ඊට නිදසුනකි . එය නිපදවීමට තොල් එකට එක් කොට තද කිරීමෙන් වායු ධාරාව නතර කල යුතුය . දිව තුඩ ඉදිරි දත් පෙලේ පිටුපසට ගෙන ඒමෙන් T ශබ...

සංචාරයේ ප්‍රවේශයක්.⛷️

Image
 වසරකට ආසන්න කාලයක් නිවසටම කොටු වී ඒකාකාරි ජීවිතයක් ගත කරමින් සිටින මොහොතක මට කොහේ හෝ සංචාරය කරන්නට සිතුණු මොහොතවල් අප්‍රමාණය. ඒ ආසාව සිතුවිල්ලක් කරගෙනම සංස්කෘතික සංචාරය දෙස නෙත් යෙවීමට මම සිතුවෙමි. තැනින් තැන සංචාරය කිරීමට මිනිසා තුල පවතින කැමැත්ත සහ අවශ්‍යතාව නිසාම විවිධ හේතු ඒ සඳහා බලපාන බව කිව හැකිය . සංස්කෘතික අවශ්‍යතාව එහි එක් පැතිකඩකි. සංස්කෘතික  සංචාරයට මුල් වන්නේ එක් රටක එක් ප්‍රදේශයක ජන කොටසකගේ ජීවන රටාව, ඉතිහාසය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම හෝ ඔවුන්ගේ ජීවන රටාව ගොඩ නගා තිබෙන වෙනත් සංස්කෘතික දෙයක් විය හැකිය.එය ඒ ජනතාවගේ අනන්‍යතාවයට බලපාන්නක් වීම මෙහිලා වැදගත් වේ. ඒ අනුව එක් ජන කොටසකට ආගන්තුක වූ වෙනත් ජනකොටසකගේ භාවිතයක් හෝ පැවැත්මක් හෝ දැන ගැනීමට විඳ ගැනීමට තිබෙන පුද්ගල අවශ්‍යතා ඔස්සේ සංස්කෘතික සංචාරය සිදු වන බව සඳහන් කළ මනාය.  බොහෝ විට ලෝකයේ නූතන සංස්කෘතික සංචාරය ආරම්භ වී තිබෙන්නේ නගර මුල් කරගෙනය. ඒ සඳහා නෘත්‍ය කලා, කෞතුකාගාර වැනි ස්ථාන බෙහෙවින් බලපා ඇත. විවිධ සංස්කෘතික උත්සව ද මෙබදු සංචාරක කර්මාන්තයකට පදනම සකස් කොට දී තිබේ. ඒ අනුව ලන්ඩන් ,මැඩ්රිඩ් හෝ පැරිස් ව...

ලෝගුවේ සිහිනයෙන් පසු...❤

 උපාධි සිහිනයේ සැරිසරමින් සිටින මම තවත් සිතුවිලි අතර සැරිසැරුවේ මේ වසංගත තත්ත්වය හමුවේ අපේ අනාගතය කෙතරම් ආපස්සට ඇදුණේද යන්න සිහිපත් කරමිනි. වසන්ත සමයක මංගල කිංකිණි ඇසෙන මාසයක අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සිරිත් විරිත් කිපයක් දෙස නෙත් යොමා බැලීමට මම සිතුවෙමි. මේ සිතුවිල්ල අකුරු කිරීමට මගේ සූදානම මෙසේය.  අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා සිංහල සංස්කෘතිය ගැන කතාබහේ දී සිංහල මංගල චාරිත්‍ර අපට අමතක කරන්නම බැහැ . අපේම වූ අනන්‍ය සංස්කෘතික ලක්ෂණ මෙසේ දිගහරින්න පුලුවන්. * වරම් ගැනීම ප්‍රථමයෙන් මංගල පෝරුවට නැගීමට වරම් ගැනීම කරයි. බුද්ධාගමට අනුව නම් ප්‍රථමයෙන්ම නමෝතස්ස පාඨය තෙවරක් කියන අතර ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක්ද කියයි. ඉන්පසු භූම්දේවි නමස්කාරය කියයි. පසුව පෝරුවට නැගීමට අවසර ගැනීමට කවියක් හෝ කවි කීපයක් කියවයි. * ආශිර්වාද ගායනා සුබ නැකත උදාවී මගුල් බෙර නාද මද්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නගින විට කෙටි ආශිර්වාද සිලෝවක් ගායනා කරයි. * සඟල බුලත් හුවමාරුව  මෙහිදී බුලත් අතවල් 7ක් දෙදෙනා අතර හුවමාරු වෙයි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතක...