Posts

Showing posts from January, 2021

සයිබර් අවකාශයේ දරුවෙක්.🎗️

 ෆේස්බුක් යනු සමාජ සේවා ජාලයක් වන අතර එය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේ දී පෙබරවාරි මාසයේය. ඒ අනුව ලෝකය පුරා අද වන විට ෆේස්බුක් හා ගනුදෙනු කරන සමස්ත පුද්ගල සංඛ්‍යාව මිලියන 800 පමණය. මේ සේවා ජාලය හා සම්බන්ධ වීමට පෙර පෞද්ගලික ගොනුවක් නිර්මාණය කර ගත යුතුය . සෙසු අය හා සම්බන්ධ වීමට ෆේස්බුක් භාවිතා කල හැකි වන්නේ ඉන් පසුවය. එක් එක් පුද්ගලයන් පෞද්ගලිකව ෆේස්බුක් යොදා ගන්නා සේම කණ්ඩායම් වශයෙන් ද සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව මේ අන්තර්ජාතික සන්නිවේදන ජාලය සතුය. සේවා ස්ථාන මට්ටමෙන් ද, විවිධ සංස්කෘතික කණ්ඩායම් වශයෙන් ද, මිතුරු කව වශයෙන් ද, අදහස් හුවමාරු කර ගැනීම, තොරතුරු දැන ගැනීම මෙහි දී සිදු වේ. මාක් සකර්බර්ග් විසින් ඔහුගේ පාසල් සමකාලීනයන් වන එඩුවාඩෝ සෙවරීන්, ඩස්ටින් මොස්කොවිට්ස්, ක්‍රිස් හ්‍යුග්ස් සමග එක්ව ආරම්භ කරන ලද, මේ ජාලය මුලින් විවෘත කරන ලද්දේ හාවර්ඩ් සරසවි ශිෂ්‍ය ප්‍රජාවට පමණකි. ඉන්පසුව එය පොදු භාවිතයක් බවට පරිවර්තනය කෙරිණ. ඒ තත්ත්වය යටතේ ෆේස්බුක් පරිහරණය කෙතරම් ජනප්‍රිය වී ද යත් 2011 වර්ෂය වන විට වයස අවුරුදු 13ට අඩු සේවා ලාභීහු මිලියන 7.5ක් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටියහ.  Compete....