Posts

Showing posts from October, 2020

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

  විශාල සෙන්සර්වලින් ලැබෙන වාසි ඡායාරූපයක් ගැනීම යනු, ඡායාරූපයට නගන පුද්ගලයාගේ හෝ වස්තුවෙන් කැමරාවට ලැබෙන ආලෝකය ග්‍රහණය කරගෙන එය ඡායාරූපයක් බවට හැරවීමයි. මෙහිදී කුඩා සෙන්සරයකට වඩා විශාල සෙන්සරයකට විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කර ගත හැකිය. එවිට, 1) අධිවිභේදන ඡායාරූප ගත හැකි අතර, ඡායාරූප විශාල කොට මුද්‍රණයේදී කුඩා සෙන්සර් ඇති පොකට් කැමරාවලින් ගන්නා ඡායාරූපවලට වඩා විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප විභේදනයේ අඩුවක් නොමැතිව ඉතා විශාල කොට මුද්‍රණය කල හැකිය. 2) රාත්‍රි කාලයේ හා සැඳෑ කාලයේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට විශාල සෙන්සර්වලට හැකියාව ඇත. ආලෝකය මද වුවත් සෙන්සරය විශාල බැවින් විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඡායාරූප සටහන් කර ගැනීමට හැකිවීම මෙයට හේතුවයි. කැමරාව හා බැඳි දේවල්   * Iso Speed - සේයා පටලය ආලෝකයට කෙතරම් සංවේදීද කියන දේ මෙයින් පෙන්වා දේ. * Exposure - ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයාපටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණය  * Aperture - කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුලට යන ප්‍රමාණය පාලනය කරන සිදුර  * Shutter Speed - කැමරාව තුලට ආලෝකය ලබාගැනීමේදී අරි...

කැමරාකරුවෙකුගේ ඇසකට______01

Image
ඩිජිටල් කැමරාවක ඇති ඉතාම වැදගත් කොටස් දෙක වන්නේ එහි ලෙන්සය හා ලෙන්සයෙහි එන ආලෝකය ඡායාරූපය බවට හරවන සෙන්සරයයි.ක්ෂුද්‍ර පරිපථ (micro-circuit) ලෙස නිර්මාණය වී ඇති සෙන්සර් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් පවතී. 1) 35 MM full frame = 35MM සෙන්සරය ඩිජිටල් කැමරාවලට ඇති විශාලතම සෙන්සර් වර්ගය වේ. පැරණි 35Mm සේයාපටයේ විශාලත්වයට නිර්මාණය කොට ඇති මෙය ඉතා හොඳ තත්ත්වයේ ඡායාරූප ගැනීමට ඉවහල් වේ. මෙවැනි සෙන්සර් අඩංගු කැමරා වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරයි. මෙවැනි කැමරාවල මිල ඉතා අධිකය. එමෙන්ම කැමරාවේ විශාලත්වය වැඩිය. High end DSLR කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත.  35 MM සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් .       * Nikon D4       * Cannon E os 6D 2) APS-C ( Advanced photo System Type -C =    Aps-C සෙන්සරයද නිර්මාණය කොට ඇත්තේ Aps-C වර්ගයේ සේයා පටියක විශාලත්වයට වුවද 35mm සෙන්සර් මෙන් නොව විවිධ නිශ්පාදකයින් සිය සෙන්සර් 23.6*15.7 mm ප්‍රමාණයට හෝ ඊට මදක් කුඩාවන ලෙස නිපදවයි. එම නිශ්පාදකයන්ගේ කැමරාවේ සැලැස්මට හා කාච සැකසුම්වලට සරිලන ලෙස මෙවැනි වෙනස් කිරීම් සිදු කරයි. 35m...

මේ පාළු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින් " ප්‍රේමය නම් කිමැයි කියා"

 මානව සබඳතා වූ කලී ප්‍රේමය හා සම්බන්ධව ගොඩ නැගෙන අන්තර් සබඳතාවක් ලෙස පෙන්වා දිය හැකිය. මානව මනෝභාවයන් අතරින් ප්‍රේමය නම් මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වේ. ප්‍රේමය තරම් හදවත ආක්‍රමණය කරන,මිනිසා සංවේදි කරන මනෝභාවයක් තවත් ඇත්ද? ප්‍රේමය සමඟ ජීවත්වන්නන්ගේ ආත්මය පිවිතුරුය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල සියොළඟ හිරිගඩු වැටෙන හිම මිටියාවතේ දැඩි ශීතයද නොදැනෙන තරම් සුළුය. එබැව් , සීත අරණේ සුපුල් නා මල  සුවඳ ගැල්වූ ජීවිතේ  සීත හිම ගිර සීත නොදැනේ  දැනේ උණුහුම ආදරේ..... යන පද්‍ය කොටසින් මනාව විද්‍යමාන කර ඇත. ප්‍රේමය යන්නට නිශ්චිත නිර්වචනයක් දිය නොහැක . ප්‍රේමයේ නිර්වචනයන් එකිනෙකාගේ පෞද්ගලිකත්වය මත වෙනස් විය හැක.ප්‍රේමයට හැඩයක් දෙන්නට ලොව බොහෝ දෙනා උත්සාහ කළහ . කොරින්තිහි ලේඛකයා ද එවැනි උත්සාහයක් දරයි.  " ප්‍රේමය සියල්ල උසුලයි " ඇත්ත  වශයෙන්ම ජීවිතයට පැමිණෙන දුක් කම්කටොලු, සිත් රිදවීම්, අගහිගකම් යනාදි මේ සියල්ල ප්‍රේමය විසින් දරාගෙන සිටියි. මේ සියල්ල උසුලා...

ජන කවිය

           සිතුවිලි අතර අතරමං වෙලා ඉන්න මොහොතක එක් දෙයක් ගැන නිශ්චිත කල්පනාවකට වැටුණා. අදටත් දෙසවනට රසවින්දනයක් දෙන ජනකවිය මගේ කල්පනාවේ මූලබීජය.  සාහිත්‍යාංගයක්  වශයෙන් ජනකවිවල සාහිත්‍යමය පසුබිම ගවේෂණය කිරීමට පෙර එහි මූලාශ්‍රය වන ජනශ්‍රැති නම් වූ සංකල්පය පිළිබඳ ව විමසා බැලීම යෝග්‍ය ය. ජනකවි සාහිත්‍යයෙහි අගය වටහා ගත හැක්කේ එමගිනි. මිනිසා තම අදහස් ප්‍රථමයෙන්  ම හුවමාරු කර කර ගත්තේ දීර්ඝ කාලීන ක්‍රම විකාශයකින් පසුව ය.ජන විඥානය පෝෂණය වූයේ ද ජන වහරිනි. මිනිසාගේ සිරිත් විරිත්, ගති පැවතුම්,කලා ශිල්ප, සාරධර්ම ආදී ජනාංගද ජනවහරින් පෝෂණය විය. මේ දැනුම් සම්භාරය ඉදිරි පරම්පරාවට ගෙන යෑමේ ප්‍රවාහකයා වූයේ ජනශ්‍රැතයයි. ජනශ්‍රැති යන්නට විවිධ අය විවිධ නිර්වචන සපයා ඇත.බ්‍රිතාන්‍ය ජාතික විලියම් තෝමස්ගේ නිර්වචනය මෙහිදී විමසා බැලීම වටී.මිනිසුන්ගේ ගති පැවතුම්,සිරිත් විරිත්,චර්‍යා ධර්ම,විශ්වාස,කවි කතා,ප්‍රස්ථාව පිරුලු ආදිය ජනශ්‍රැති වශයෙන් ඔහු හැඳින්විය. ඒ සඳහා යෝග්‍ය වචනය FOLKLORE යැයි ඔහු සඳහන් කළේය.          ශ්‍රී ලාංකික ජනශ්‍රැති විශ...