Posts

ඒකත් එක විප්ලවයක් 💪🧑‍🔧

Image
ලෝකය පුරාම විවිධාකාර විප්ලවයන් ක්‍රියාත්මක වුණා. මේ සෑම ව්ප්ලවයක්ම ලෝකයාට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. ඒ පිලිබඳව සිතා බලද්දී අදටත් ලෝකය තුල සිදු වූ විප්ලවයන් හි ඵලය අප වෙත ලැබෙන බව සිහිපත් වෙනවා. ඉතින් මෙසේ සිදු වූ කාර්මික විප්ලවයේ ආරම්භක බලපෑම ශ්‍රී ලංකාවට බලපෑ අයුරු මෙසේය.                                               බ්‍රිතාන්‍යයන් ඇරඹි කාර්මික විප්ලවය කෙටි කලක් තුල ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය සිතාගත නොහැක. බ්‍රිතාන්‍යයේ හා අනෙකුත් යුරෝපා රටවල සිදු වූ අන්දමේ කාර්මීකරණයක් ශ්‍රී ලංකාව තුල 19 වන සියවසේ සිදුනොවූ නමුත් කාර්මික විප්ලවයේ බලපෑම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද හඳුනා ගත හැකිය. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වූ අවධියේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවතීම මේ සඳහා හේතු වූ ප්‍රධාන සාධකයක් විය. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ මහා පරිමාණයෙන් වතු වගාව ආරම්භ කලහ. මෙසේ ආරම්භ කල තේ,  රබර්, පොල් වැනි බෝග ආශ්‍රිතව විවිධ කර්මාන්ත ඇරඹීම සිදු වූ අතර ඒවා සඳහා යන්ත්‍...

ජාතියක ජීවනාලිය ඇයයි..👩‍💼👩‍🔬👩‍🚒👮️

Image
 ජාත්‍යන්තර කාන්තා දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඒ ගැන කල්පනා කරල බලද්දී මම එක දෙයක් ගැන හිතුවා.                                                                  කාන්තාව කවුද?                                                      සෑම වසරකම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. 2021 ජාත්‍යන්තර කාන්තා දින තේමාව " නායකත්වයේ කාන්තාවන් : කොවිඩ් 19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව " රටකි - දැයකි - ලොවකි " යන්නයි. 1908 වර්ෂයේදී මෙහි මූලාරම්භය බිහිවිය. ජාත්‍යන්තර කාන්තා දිනයක් ආරම්භ කිරීමට මුල් වූයේ ක්ලාරා සෙට්කින් නැමති කාන්තාවයි. ඒ අනුව මෙවර සැමරෙන්නේ 110 වන කාන්තා දිනයයි.  ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව කාන්තාවක් යනු වැඩිහිටි ස්ත්‍රියක...

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️

Image
  අපි මිනිසුන් විදියට නිතරම කතා කරනවා. අපේ ශබ්ද වචන විදියට පරිවර්තනය වෙලා අපිට ඇහෙනවා. ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද ? ඒ සිතුවිල්ල අකුරු කළේ මේ විදියට 💛 මනුෂ්‍යයාගේ භාෂාව නිපදවන ශබ්ද යාන්ත්‍රණයට අවයව සහ චාලක පරිචය හෙවත් අවයව චලනය කිරීමේ හැකියාව දායක වෙයි. භාෂාවකට අයත් ශබ්ද පිට කිරීම සඳහා ප්‍රාචීරය, පෙනහලු, ළයෙහි පේශී, ස්වර තන්ත්‍ර, මුඛය, දිව හා තොල් ආදී අවයව සංකීර්ණ ස්වභාවයකින් සමායෝජනය වෙයි. කතාව වාතය ආශ්‍රයෙන් නිශ්පාදනය වන ආකාරය ඉතා සරලව මෙසේය. පෙනහලුවලට නිරන්තරයෙන් වාතය ඇතුලු වේ. මෙම වාතය පෙනහලුවල සිට ස්වර තන්ත්‍ර සහිත ස්වරාලය ඔස්සේ ඉහලට පැමිණේ. එතැන් සිට මෙම වාත ධාරාව මුඛ කුහරය හා නාස් කුහරය තුල ඇති කරවන ඉඩකඩ ප්‍රමාණය සහ හැඩය පිලිබඳ වෙනස්කම් අනුව විවිධාකාර ස්වර ශබ්ද ජනිත වේ. ව්‍යංජන ශබ්ද නිශ්පාදනය කරනු ලබන්නේ ශබ්ද ආලිය තුලින් ගමන් කරන වාත ධාරාවට තාවකාලිකව බාධා ඇති කරන උච්චාරණ ස්ථාන විසිනි. ඇතැම් ව්‍යංජන ශබ්ද නිපදවීමේ දී වාත ධාරාව මුලුමනින්ම නතර වේ. P ශබ්දය ඊට නිදසුනකි . එය නිපදවීමට තොල් එකට එක් කොට තද කිරීමෙන් වායු ධාරාව නතර කල යුතුය . දිව තුඩ ඉදිරි දත් පෙලේ පිටුපසට ගෙන ඒමෙන් T ශබ...

සංචාරයේ ප්‍රවේශයක්.⛷️

Image
 වසරකට ආසන්න කාලයක් නිවසටම කොටු වී ඒකාකාරි ජීවිතයක් ගත කරමින් සිටින මොහොතක මට කොහේ හෝ සංචාරය කරන්නට සිතුණු මොහොතවල් අප්‍රමාණය. ඒ ආසාව සිතුවිල්ලක් කරගෙනම සංස්කෘතික සංචාරය දෙස නෙත් යෙවීමට මම සිතුවෙමි. තැනින් තැන සංචාරය කිරීමට මිනිසා තුල පවතින කැමැත්ත සහ අවශ්‍යතාව නිසාම විවිධ හේතු ඒ සඳහා බලපාන බව කිව හැකිය . සංස්කෘතික අවශ්‍යතාව එහි එක් පැතිකඩකි. සංස්කෘතික  සංචාරයට මුල් වන්නේ එක් රටක එක් ප්‍රදේශයක ජන කොටසකගේ ජීවන රටාව, ඉතිහාසය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම හෝ ඔවුන්ගේ ජීවන රටාව ගොඩ නගා තිබෙන වෙනත් සංස්කෘතික දෙයක් විය හැකිය.එය ඒ ජනතාවගේ අනන්‍යතාවයට බලපාන්නක් වීම මෙහිලා වැදගත් වේ. ඒ අනුව එක් ජන කොටසකට ආගන්තුක වූ වෙනත් ජනකොටසකගේ භාවිතයක් හෝ පැවැත්මක් හෝ දැන ගැනීමට විඳ ගැනීමට තිබෙන පුද්ගල අවශ්‍යතා ඔස්සේ සංස්කෘතික සංචාරය සිදු වන බව සඳහන් කළ මනාය.  බොහෝ විට ලෝකයේ නූතන සංස්කෘතික සංචාරය ආරම්භ වී තිබෙන්නේ නගර මුල් කරගෙනය. ඒ සඳහා නෘත්‍ය කලා, කෞතුකාගාර වැනි ස්ථාන බෙහෙවින් බලපා ඇත. විවිධ සංස්කෘතික උත්සව ද මෙබදු සංචාරක කර්මාන්තයකට පදනම සකස් කොට දී තිබේ. ඒ අනුව ලන්ඩන් ,මැඩ්රිඩ් හෝ පැරිස් ව...

ලෝගුවේ සිහිනයෙන් පසු...❤

 උපාධි සිහිනයේ සැරිසරමින් සිටින මම තවත් සිතුවිලි අතර සැරිසැරුවේ මේ වසංගත තත්ත්වය හමුවේ අපේ අනාගතය කෙතරම් ආපස්සට ඇදුණේද යන්න සිහිපත් කරමිනි. වසන්ත සමයක මංගල කිංකිණි ඇසෙන මාසයක අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සිරිත් විරිත් කිපයක් දෙස නෙත් යොමා බැලීමට මම සිතුවෙමි. මේ සිතුවිල්ල අකුරු කිරීමට මගේ සූදානම මෙසේය.  අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා සිංහල සංස්කෘතිය ගැන කතාබහේ දී සිංහල මංගල චාරිත්‍ර අපට අමතක කරන්නම බැහැ . අපේම වූ අනන්‍ය සංස්කෘතික ලක්ෂණ මෙසේ දිගහරින්න පුලුවන්. * වරම් ගැනීම ප්‍රථමයෙන් මංගල පෝරුවට නැගීමට වරම් ගැනීම කරයි. බුද්ධාගමට අනුව නම් ප්‍රථමයෙන්ම නමෝතස්ස පාඨය තෙවරක් කියන අතර ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක්ද කියයි. ඉන්පසු භූම්දේවි නමස්කාරය කියයි. පසුව පෝරුවට නැගීමට අවසර ගැනීමට කවියක් හෝ කවි කීපයක් කියවයි. * ආශිර්වාද ගායනා සුබ නැකත උදාවී මගුල් බෙර නාද මද්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නගින විට කෙටි ආශිර්වාද සිලෝවක් ගායනා කරයි. * සඟල බුලත් හුවමාරුව  මෙහිදී බුලත් අතවල් 7ක් දෙදෙනා අතර හුවමාරු වෙයි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතක...

සයිබර් අවකාශයේ දරුවෙක්.🎗️

 ෆේස්බුක් යනු සමාජ සේවා ජාලයක් වන අතර එය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේ දී පෙබරවාරි මාසයේය. ඒ අනුව ලෝකය පුරා අද වන විට ෆේස්බුක් හා ගනුදෙනු කරන සමස්ත පුද්ගල සංඛ්‍යාව මිලියන 800 පමණය. මේ සේවා ජාලය හා සම්බන්ධ වීමට පෙර පෞද්ගලික ගොනුවක් නිර්මාණය කර ගත යුතුය . සෙසු අය හා සම්බන්ධ වීමට ෆේස්බුක් භාවිතා කල හැකි වන්නේ ඉන් පසුවය. එක් එක් පුද්ගලයන් පෞද්ගලිකව ෆේස්බුක් යොදා ගන්නා සේම කණ්ඩායම් වශයෙන් ද සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව මේ අන්තර්ජාතික සන්නිවේදන ජාලය සතුය. සේවා ස්ථාන මට්ටමෙන් ද, විවිධ සංස්කෘතික කණ්ඩායම් වශයෙන් ද, මිතුරු කව වශයෙන් ද, අදහස් හුවමාරු කර ගැනීම, තොරතුරු දැන ගැනීම මෙහි දී සිදු වේ. මාක් සකර්බර්ග් විසින් ඔහුගේ පාසල් සමකාලීනයන් වන එඩුවාඩෝ සෙවරීන්, ඩස්ටින් මොස්කොවිට්ස්, ක්‍රිස් හ්‍යුග්ස් සමග එක්ව ආරම්භ කරන ලද, මේ ජාලය මුලින් විවෘත කරන ලද්දේ හාවර්ඩ් සරසවි ශිෂ්‍ය ප්‍රජාවට පමණකි. ඉන්පසුව එය පොදු භාවිතයක් බවට පරිවර්තනය කෙරිණ. ඒ තත්ත්වය යටතේ ෆේස්බුක් පරිහරණය කෙතරම් ජනප්‍රිය වී ද යත් 2011 වර්ෂය වන විට වයස අවුරුදු 13ට අඩු සේවා ලාභීහු මිලියන 7.5ක් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටියහ.  Compete....

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

  විශාල සෙන්සර්වලින් ලැබෙන වාසි ඡායාරූපයක් ගැනීම යනු, ඡායාරූපයට නගන පුද්ගලයාගේ හෝ වස්තුවෙන් කැමරාවට ලැබෙන ආලෝකය ග්‍රහණය කරගෙන එය ඡායාරූපයක් බවට හැරවීමයි. මෙහිදී කුඩා සෙන්සරයකට වඩා විශාල සෙන්සරයකට විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කර ගත හැකිය. එවිට, 1) අධිවිභේදන ඡායාරූප ගත හැකි අතර, ඡායාරූප විශාල කොට මුද්‍රණයේදී කුඩා සෙන්සර් ඇති පොකට් කැමරාවලින් ගන්නා ඡායාරූපවලට වඩා විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප විභේදනයේ අඩුවක් නොමැතිව ඉතා විශාල කොට මුද්‍රණය කල හැකිය. 2) රාත්‍රි කාලයේ හා සැඳෑ කාලයේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට විශාල සෙන්සර්වලට හැකියාව ඇත. ආලෝකය මද වුවත් සෙන්සරය විශාල බැවින් විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඡායාරූප සටහන් කර ගැනීමට හැකිවීම මෙයට හේතුවයි. කැමරාව හා බැඳි දේවල්   * Iso Speed - සේයා පටලය ආලෝකයට කෙතරම් සංවේදීද කියන දේ මෙයින් පෙන්වා දේ. * Exposure - ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයාපටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණය  * Aperture - කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුලට යන ප්‍රමාණය පාලනය කරන සිදුර  * Shutter Speed - කැමරාව තුලට ආලෝකය ලබාගැනීමේදී අරි...